Movies Trailers

Maria Al Kasas

පෙම්වතා අත් ඇරලා ඉරාජ්ව බැන්දෙ ඇයි කියලා යාළුවෝ මට බැන්නා - මරියා අල් කසාස්
http://www.rivira.lk/edition/images/2014/03/23/mariya-al-kasas.jpgතම උපන් බිමෙන් සහ දෙමව්පියන්ගෙන් වෙන්ව ඇය මේ පුංචි දිවයිනට පැමිණෙන්නේ බලා‍පොරොත්තු ‍පොදි බැඳගෙනය. බහතෝරන වයසේදීම ඇය පෙම්බැන්දේ මේ පුංචි දිවයිනටයි. තම හැකියාවන් ඔප්නැංවීමට ඇය තෝරාගත් නිරූපණ ක්ෂේත්‍රයෙන් මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වෙලා. ඇය නමින් මරියා අල් කසාස්ය. ඒ නිසාම ඇගේ තොරතුරු විමසන්න අපි ඇයට කතා කළා.
ඔබ නිරූපණ ශිල්පිණියක් වුණාට මේ දවස්වල ජනප්‍රිය නිවේදිකාවක් විදිහට
ගොඩක් අද මාව දන්නෙ නිවේදිකාවක් විදියට. පාසල් යන කා‍ලේවත් මම පිරිසක් ඉදිරියට ගිහින් කතාවක් කරලා තිබුණේ නෑ. සබකෝලය, බය වගේම අනික් අය මට හිනාවේවි කියලා මම හිතුවා. ඒ නිසා මම කිසිදේකට ඉදිරිපත් වුණේ නෑ. නිවේදිකාවක් ලෙස එකතුවෙන්න මට ආරාධනාවක් ලැබුණා. මුලින්ම මම අකමැති වුණා. ඒත් බය අඩුවේවි කියලා හිතලා මම ඒ ආරාධනාවට කැමති වුණා. ඒ නිසාම දිගටම නිවේදිකාවක් ලෙස ඉන්න බලා‍පොරොත්තු වෙනවා.

කොහොමද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර
හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන මට ගොඩක්ම සතුටුයි. මොකද මම නිවේදිකාවක් විදිහට එකතුවෙලා තාම මාස හතරයි. ඒ ටික කාලයකදී මේ ලැබෙන ප්‍රතිචාර ගැන මම ගොඩක්ම සතුටුවෙනවා.

ජනප්‍රියත්වය නිසා ඔබට නිවේදනයට අවස්ථාව ලැබෙනවා. නිවේදනයෙන් ඉස්සරහට යන්න තරම් අවශ්‍ය සුදුසුකම් ඔබට තියෙනවද?
ජනප්‍රිය නිසා තමයි මට නිවේදනයට හැකියාව ලැබෙන්නේ. එත් මම නිවේදන ක්ෂේත්‍රය ගැන තාම හරියට ඉගෙනගෙන නෑ. හරියට තාම අඳුරේ අතපතගානවා වගේ. ඒ නිසා නිවේදනය ගැන නිවැරැදිව ඉගෙනගෙන මේ පැත්තෙන් ඉස්සරහට යන්න බලා‍පොරොත්තු වෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙස ඔබ මේ ක්ෂේත්‍රයට එකතුවෙන්නේ ඇයි?
මම ‍පොඩිකා‍ලේ ඉඳන් ආසාවෙන් කළ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒක මගේ හීනයක්. අද මම සතුටු වෙනවා. ඒ හීනෙ ආසාව සැබෑ කරගන්න පුළුවන් වුණාට.

නිරූපණ ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම තියෙන්නෙ තාරුණ්‍යයත් එක්ක. සීමිත කාලයයි නේද?
ඔව් අද නිරූපණ ක්ෂේත්‍රයට එකතුවෙන පිරිසත් වැඩිවෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයෙ පැවැත්ම තියෙන්නෙ කෙටි කාලයයි. ඒ නිසා තියෙන සීමිත කාලය තුළ තමන්ගෙ දක්ෂතාව ඔප්නංවගන්න වගේම තමන්ට වටිනාකම එකතුකරගන්න තමන් දැනගන්න ඕන.

නිරූපණ ශිල්පීන් දිහා අද සමාජය බලන්නෙ වැරදි විදිහට. නිරූපණ ශිල්පියෙක් ලෙස මරියට දෙමව්පියන්ගෙන් විරුද්ධත්වයක් නැද්ද මේ ක්ෂේත්‍රයට එකතුවුණ එක ගැන?
මගේ දෙමව්පියන්ගෙන් විරුද්ධත්වයක් නෑ. මේ ක්ෂේත්‍රයට එකතුවුණාට. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුණාට මම හැදුණේ වැඩුණේ වෙනම සංස්කෘතියක. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩක් අයට වැඩකරන්න වෙන්නෙ රාත්‍රී කාලයේදී. ඒ මේ ක්ෂේත්‍රයේ හැටි. රංගනය වගේම නිරූපණයත් කියන්නෙ කලාවක්. උදේද දවල්ද රෑ ද කියන එක නෙමේ ප්‍රශ්නෙ. තමන් හරියට ඉන්නවද කියන එක. තමන් හරියට ඉන්නවා නම් තමන්ට ඕන තැනක ඉන්න පුළුවන්.

අද නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට එකතුවෙන පිරිස වැඩිවෙලා තියෙනවා මරියට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
ගොඩක් ආරාධනා ලැබුණා ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයකට. හොඳයි කියලා හිතුන නිර්මාණයක් ලැබුණොත් බාරගන්නවා. ලොකු කැමැත්තක් නෑ රංගනයට එකතුවෙන්න. ලංකාවේ රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න අමාරුයි කියලා මම හිතනවා.

ඇයි රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න අමාරුයි කියන්නෙ?
රංගන ශිල්පිනියකට ලැබෙන්න ඕන පිළිගැනීම, වටිනාකම තවම අපේ රටේ හරිහට ලැබෙන්නෑ. ඒ නිසා මේ ක්ෂේත්‍රයට තවම නිසි වටිනාකමක් අපේ රටේ ලැබිලා නෑ.

කලා ක්ෂේත්‍රයට මරියා එකතුවෙන්නෙ මුදල් පරමාර්ථයෙන්ද?
මුදල් නෙමේ මට මූලික වුණේම ආසාව තමන්ට ක්ෂේත්‍රයේ හොඳ වටිනාකමක් හදාගන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. එත් කාලයක් යද්දී තමන්ට වෘත්තිය මට්ටමේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න කැමැත්තක් තියෙනවා නම් මුදල් කියන දේ අවශ්‍යයි. මම හිතනවා නිරූපිකාවක් විදිහට හොඳ වටිනාකමක් ලැබෙනවා කියලා.

ඔබට ඉහළ ජනප්‍රියත්වයක් ලැබුණේ ඉරාජ් නිසා කීවොත්
ඔව්. මම ඒ දේ පිළිගන්නවා. ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකෙන් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ දේ මට කවදාවත් අමතක වෙන්නෑ.

හැමෝම හිතුවේ ඔබ ඉරාජ් එක්ක විවාහ වුණා කියලා නේද?
ඔව් මට මගේ යාළුවෝ කෝල් කරලා බැන්නා. ඇයි මගේ පෙම්වතා අතඇරලා ඉරාජ්ව බැන්දේ කියලා. ඒ තරම් ඒ අය මියුසික් වීඩියෝවේ ෆොටෝ ෆ්‍ස්බුක් දැම්මහම විශ්වාස කළා.

ඒ කියන්නෙ මරිය දැන් පෙම්වතියක්
ඔව් එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමේ. නුවර කෙනෙක්.

කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය
මේ ක්ෂේත්‍රයට එන්න එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දැනුත් ඒ වගේ. මගේ හෙවණැල්ල මගේ පෙම්වතා කියලා මම හිතන්නෙ.

පෞද්ගලික තොරතුරු ගැන මතක් කළොත්
මගේ අම්මා කසකස්ථාන ජාතිකයෙක්. තාත්තා අරාබි ජාතිකයෙක්. මම ඉපදුනේ රුසියාවේ. අවුරුදු එකහමාරේදී තමයි මගේ ආච්චි අම්මා මව ලංකාවට ගෙන්න ගන්නෙ. එදා ඉඳන් මම ජීවත්වුණේ ලංකාවේ. මම අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. මම ටර්කි එයාර් ලයින් එකේ ටික කාලයක් සේවය කළා.
තිළිණි මධුවන්ති
ඡායාරූප - මධුශංක සිරිවර්ධන
http://www.rivira.lk/edition/images/2014/03/23/mariya%20al%20kasas%201.jpg
http://www.rivira.lk/edition/images/2014/03/23/mariya%20al%20kasas%202.jpg
 

Bharatha lakshman premachandra who spread heroin to kollonawa

"කොලොන්නාවට කුඩු බෝ කළේ භාරතයි " - සරත් මනමේන්ද්‍ර කියයි


කොළොන්නාවට කුඩු බෝ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර බව ඊයේ (20) හිරු ටීවී බලය දේශපාලන සංවාදයට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත් මනමේන්ද්‍ර පැවසීය.එය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව පැවසූ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත් මනමේන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිනිසුන්ගෙන් කප්පම් ගැනීම්, ඉඩම් මංකොල්ල කෑම් කළ බවද තමා පෞද්ගලිකවම අත්දැකීම් සහිතව දන්නා බවයි.
දැන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ දුව වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැමිණ තාත්තා නවත්තපු තැනින් තමා පටන් ගන්නා බව ඇසීමෙන් තමාගේ රෝම කූප කෙළින් වෙන බවද අපේක්ෂකයා මෙහිදී සඳහන් කළේය. මෙසේ විවාදය උණුසුම්ව ඇදී යද්දී බස්නාහිර පළාත් සභා අපේක්ෂක සරත් මනමේන්ද්‍ර තවදුරටත් දැකවූ අදහස් පහතින්....
"දැන් මොනාද කියන්නේ ? දැන් කියනවා එයාගේ දුව, තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න මට දෙන්නලූ... හොඳට හිටී දැන්... මේ මයිල් කෙලින් වෙනවා එයාගේ තාත්තා ගැන කතා කරද්දි. ඒ විතරක් ද හා.... මොකක්ද දැන් අර මහත්තයෙක් ඇහුවා නිළියෝ ගැන. නිළියෝ දැම්ම නම් හොඳයි. කවුද දාලා තියෙන්නේ.... මෙන්න බලා ගන්නා... දාලා තියෙන අය... මෙන්න බලාගන්න... මේ නිළියො ද ?

(හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ බිකිනි ඇඳ ගත් ඡායාරූප කිහිපයක් පෙන්වයි)

Hirunika Premachandra bharatha balaya bikini heroin kollonnawa

මේ... නිළියෝ දැම්ම නම් හොඳයි තව. කවුද මේ දාලා තියෙන්නේ...මොකක් ද මේ ? මේවගේ අයට රට භාර දෙනව ද ? "

එම විවාදයේ වීඩියෝව පහතින්....
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sinhaya News Reader - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger