Movies Trailers

Home » » බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි

බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි

කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.
විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි.
විලියම් කුමරු මෙසේ කියා ඇත.
‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“
ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි.
බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය.
විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.

Jika Anda menyukai Artikel di blog ini, Silahkan klik disini untuk berlangganan gratis via email, dengan begitu Anda akan mendapat kiriman artikel setiap ada artikel yang terbit di Creating Website

0 comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sinhaya News Reader - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger